මාතලේගම, මහනගල්මුල්ලේදී අද (03) පෙරවරුවේ මියගිය වයස අවුරුදු 25ත් 30ත් අතර පසුවන පිරිමි වන අලියෙකුගේ සිරුරක් ප්‍රදේශවාසියෙකු විසින් සිදුකළ දැනුම්දීමකට අනුව වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
මෙම වන අලියා ඊයේ (02) රාත්‍රියේ ගම්මානයට පැමිණ ඇති අතර, එහිදී මහනගල්මුල්ල වැවේ බැම්මෙන් බැසීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ. එම අවස්ථාවේදී, ගම්මානයට විදුලිය සැපයෙන අධිබලැති විදුලි රැහැනේ ගැටී, විදුලි සැර වැදීමෙන් මෙම වන අලියා ජීවිතක්ෂයට පත්ව ඇතැයි වනජීවී නිලධාරීන් අනාවරණය කර ඇත. වන අලියාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන බව වනජීවී නිලධාරීන් වැඩිදුරටත් පවසයි.
















