ඊශ්‍රායල-හමාස් (Israel-Hamas) යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ විනාශ වී ගිය දේශීය පාරම්පරික බීජ බැංකුව යළි ගොඩනඟමින්, පවතින සීමිත භූමි ප්‍රමාණය තුළ දේශීය වගාවන් ආරක්ෂා කර ගැනීමට පලස්තීන ගොවීන් පිරිසක් පියවර ගෙන තිබේ.
යුද්ධයට පෙර ගාසා තීරයේ දකුණු දිග Karara (කරාරා) ප්‍රදේශයේ පවත්වාගෙන ගිය Salama Muhanna (සලාමා මුහන්නා) මහතාට අයත් “Bank of Seeds” (බීජ බැංකුව) 2024 වසර මුලදී ඊශ්‍රායල ප්‍රහාරවලින් සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. එහි පැවැති ටොන් 70කට අධික පාරම්පරික බීජ වර්ග 42ක් විනාශ වූ අතර, 71 හැවිරිදි සලාමා මුහන්නා සහ ඔහුගේ කණ්ඩායම මේ වන විට Deir Al-Balah (දෙයිර් අල්-බලා) ප්‍රදේශයේ තාවකාලික කූඩාරමක නැවතත් දේශීය බීජ වර්ග 32ක් එකතු කරමින් බීජ බැංකුව යළි ස්ථාපිත කර ඇත. ගාසා තීරයේ කෘෂිකාර්මික බිම්වලින් 70%කට වඩා වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායල හමුදා පාලනය යටතේ පැවතීම සහ සීමාසහිත ආනයන හේතුවෙන්, පලස්තීන ගොවීන්ට ආහාර සහ ජීවනෝපාය සපයා ගැනීමට මෙම දේශීය බීජ එකතුව එකම අස්වැසිල්ල බවට පත්ව තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















