Capital Trust Properties (Pvt.) Ltd ආයතනය විසින් 2026/2027 වසර සඳහා ශ්රී ලංකාවේ හොඳම දේපළ වෙළඳාම් සහ උපදේශන සමාගම (Best Real Estate Transaction and Advisory Company in Sri Lanka) ලෙස ආසියා පැසිෆික් සම්මාන උළෙලේදී තරු 5 ක සාමාර්ථයක් සහිතව නැවතත් ගෞරවාන්විතව සම්මාන දිනාගෙන තිබේ.
මීට පෙර 2024/2025 වසරේදීද මෙම සම්මානය දිනාගත් අතර, මෙම දෙවන අඛණ්ඩ ජයග්රහණය මඟින් ශ්රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රය තුළ එම ආයතනය රඳවාගෙන ඇති අඛණ්ඩ කාර්යසාධනය, වෘත්තීය ප්රමිතීන් සහ වර්ධනය වන නායකත්වය මනාව තහවුරු වේ. ආචාරධර්ම, විශ්වසනීයත්වය සහ වෘත්තීයභාවය මත පිහිටා කටයුතු කරන Capital Trust Properties ආයතනය, ගනුදෙනු උපදේශන, සංවර්ධක සම්බන්ධීකරණය සහ වෙළඳපොළ පදනම් කරගත් උපදේශන සේවා පුළුල් ලෙස සපයනු ලබයි.
මෙම සුවිශේෂී ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් එම ආයතනයේ සභාපති, ප්රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ මිනෝලි වික්රමසිංහ මහත්මිය සඳහන් කළේ, තිරසාර සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ විශ්වාසය සහ වගකිවයුතු උපදේශන මත බවයි. දේපළ වෙළඳාම් අංශය ශක්තිමත් කිරීම සඳහා ශ්රී ලංකා මහ බැංකුව වෙත යෝජනා ඉදිරිපත් කර ඇති මෙම ආයතනය, රටවල් 120ක් පුරා පැතිරුණු “Leading Real Estate Companies of the World” ගෝලීය ජාලය සමඟද සම්බන්ධ වී සිටී.
















