කඩවත පොලිසිය විසින් ආයුර්වේද සහ ස්පා ආයතන වෙත නීතිවිරෝධී ලෙස කඩාපනිමින්, නිල ඇඳුම් පවා නොහැඳ කාන්තා නිලධාරීන් නොමැතිව සිදුකරන අත්තනෝමතික වැටලීම්වලට එරෙහිව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ බව ලංකා ස්පා සංගමයේ හිටපු සභාපති ප්රසන්න මුණසිංහ මහතා පවසයි.
තමන් කිසිවිටෙකත් ගණිකා නිවාස වෙනුවෙන් පෙනී නොසිටින බවත්, කඩවත පොලිසියේ නිලධාරීන් වැටලීම්වලට පැමිණ සාක්ෂි විනාශ කිරීමේ අරමුණින් CCTV කැමරා පවා ගලවා ඉවත් කරමින්, තෙරපිවරියන්ට ඇඳුමක්වත් මාරු කරගැනීමට ඉඩ නොදී අතවර වන පරිදි කටයුතු කරන බවත් හෙතෙම අනාවරණය කළේය. මෙවැනි නීති විරෝධී ක්රියාවලට එරෙහිව ජනාධිපතිවරයා සහ පොලිස්පතිවරයාද වහාම මැදිහත් විය යුතු බව ස්පා සංගමය අවධාරණය කරයි.
















