දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වාසය කරන ආදරණීය ‘බොතම්’ නම් මුහුදු සිංහයා පිළිකා රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවය ලබා සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
“Squamous cell carcinoma” නමැති පිළිකා රෝගී තත්ත්වයෙන් පීඩා විඳි මෙම සත්ත්වයා වෙනුවෙන්, හොංකොං Ocean Park හි සතුන් පිළිබඳ විශේෂඥ පශු වෛද්‍ය Paolo මහතාගේ නිර්දේශ සහ විදේශීය විශේෂඥ පශු වෛද්‍යවරුන්ගේ දායකත්වයෙන් පසුගිය ජුනි 30 වන දින විශේෂ ශල්‍යකර්මයක් සිදුකෙරිණි. පරිසර අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ සිදුකළ මෙම සංකීර්ණ ශල්‍යකර්මය මුහුදු සිංහයෙකු සඳහා ශ්‍රී ලංකාවේ සිදු කළ ප්‍රථම අවස්ථාව ලෙස සැලකෙන අතර, ඊට සම්බන්ධ වූ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම සිය සේවය ස්වේච්ඡාවෙන් ලබා දී තිබීම විශේෂත්වයකි.
















