ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) හමුවට පැමිණි අවස්ථාවේදී, සංගීතවේදී මෙන්ම චිත්‍රපට ගීත රචකයෙකු වන ඉරාජ් වීරරත්න මහතාද එම ස්ථානයට පැමිණ තිබේ.
මන්ත්‍රීවරයා අල්ලස් කොමිසම වෙත පැමිණීමත් සමඟම එම පරිශ්‍රය අසළට විශාල ජනකායක් රැස්වී සිටි අතර, මෙම තත්ත්වය හේතුවෙන් එහි යම් නොසන්සුන්කාරී හා උණුසුම් මුහුණුවරක්ද දැකගත හැකි විය.













