පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මරදන්කඩවල – හබරණ – ත්රිකොන්ඩියාඩිමඩු ප්‍රධාන මාර්ගයේ පිහිටි කොටලීය පාලමේ ඉදිකිරීම් කඩිනම් කොට, ලබන වසරේ අප්‍රේල් මස වන විට එම ඉදිකිරීම් සම්පූර්ණයෙන් අවසන් කිරීමට සැලසුම් කර තිබේ.
මීට පෙර පැවති පාලමේ අනාරක්ෂිත බව සහ පටු ස්වභාවය හේතුවෙන් මීටර් 13.4ක පළලකින් සහ මීටර් 60ක දිගකින් යුතුව නව කොන්ක්‍රීට් පාලමක් ලෙස මෙය යළි ඉදිකිරීමට තීරණය කර ඇති අතර, මේ සඳහා රුපියල් මිලියන 251ක මුදලක් වැය වේ. දැනටමත් මෙම ව්‍යාපෘතියේ 75%ක පමණ වැඩකටයුතු අවසන් වී ඇති අතර, නුදුරේදීම මෙම පාලම ජනතා අයිතියට පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
















