තමිල්නාඩු ප්‍රාන්තයේ ක්‍රීඩා යටිතල පහසුකම් ජාත්‍යන්තර මට්ටම දක්වා ඉහළ නැංවීමේ සහ ගෝලීය ක්‍රීඩා තරගාවලි ආකර්ෂණය කරගැනීමේ විශාල අරමුණින්, චෙන්නායි හි ලෝක මට්ටමේ ඔලිම්පික් නගරයක් සහ සුවිශේෂී මෝටර් රථ ධාවන නගරයක් ස්ථාපිත කරන බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය සී. ජෝසෆ් විජේ නිවේදනය කර ඇති බව WION පුවත් සේවය වාර්තා කරයි.
තමිල්නාඩු ව්‍යවස්ථාදායක සභාව ඇමතූ ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙම ඔලිම්පික් නගරය තුළ උසස් තාක්ෂණික පුහුණු මධ්‍යස්ථාන, ක්‍රීඩා වෛද්‍ය හා විද්‍යා ආයතන මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ගෘහස්ථ හා එළිමහන් ක්‍රීඩාංගණ ඉදිකිරීමට නියමිත බවයි.
එමෙන්ම, ෆෝමියුලා 1ඇතුළු ජාත්‍යන්තර මෝටර් රථ ධාවන තරගාවලි තමිල්නාඩුවට ආකර්ෂණය කරගැනීම සහ යොවුන් රථ ධාවකයින් පුහුණු කිරීම අරමුණු කරගනිමින් ඉදිකෙරෙන මෝටර් රථ ධාවන නගරය හරහා ප්‍රාන්තයේ සංචාරක ක්ෂේත්‍රයට සහ මෝටර් රථ නිෂ්පාදන කර්මාන්තයට දැවැන්ත ආර්ථික උත්තේජනයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට අමතරව, රුපියල් කෝටි 1,200 ක පිරිවැයකින් නව රාජ්‍ය ලේකම් කාර්යාල සංකීර්ණයක් ඉදිකිරීමටද සැලසුම් කර ඇත.
















