ප්රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ ආර්යාව බ්රිජෙත් ත්රොග්නෝව් නිල සංචාරයක් සඳහා බ්රිතාන්යයට පැමිණ තිබේ. ලන්ඩන් නුවර අංක 10 ඩවුනිං වීදියේ පිහිටි බ්රිතාන්ය අග්රාමාත්යවරයාගේ නිල නිවසට පැමිණි ඔවුන්ට, බ්රිතාන්යයේ නව අග්රාමාත්ය ඇන්ඩි බර්න්හැම් සහ බිරිඳ මරීගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබී ඇත. කීර් ස්ටාර්මර්ට පක්ෂ නායකත්වය අහිමි වීමෙන් පසු කම්කරු පක්ෂයේ නායකත්වයට සහ අග්රාමාත්ය ධුරයට පත්වූ ඇන්ඩි බර්න්හැම් හමුවීමට පැමිණි පළමු යුරෝපා නායකයා වන්නේ ප්රංශ ජනාධිපති මැක්රොන් ය.
රාජ්ය තාන්ත්රික සබඳතා සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් නායකයන් දෙදෙනාගේ අවධානය යොමු වූ අතර, අග්රාමාත්ය නිල නිවසේ සිටින ලැරී නම් බළල් සුරතලාගේ සුවදුක් බැලීමට ද මැක්රොන් දම්පළ අමතක කර නැත. ඉන් අනතුරුව ඔවුන් බ්රිතාන්යයේ තෙවැනි චාල්ස් රජු සහ කැමිලා පාකර් රැජින හමුවීමට ද ගොස් ඇති අතර, එහිදී ඔවුන්ගෙන් ද උණුසුම් පිළිගැනීමක් හිමි වී තිබේ.














