ජාතික විගණන කාර්යාලයේ 2027 අයවැය ඇස්තමේන්තු සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති මෙම කාරක සභා රැස්වීමේදී, විගණන ක්‍රියාවලිය නවීන තාක්ෂණය හා දත්ත විශ්ලේෂණ මෙවලම් භාවිතයෙන් වඩාත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව දැඩි ලෙස අවධාරණය කෙරිණි. විශේෂයෙන්ම, විගණන සේවයට බඳවා ගනු ලබන දක්ෂ නිලධාරීන් පුහුණුවෙන් අනතුරුව වෙනත් අංශ වෙත යොමුවීම හේතුවෙන් මතු වී ඇති මානව සම්පත් රඳවා ගැනීමේ ගැටලුව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු වූ අතර, එවැනි නිලධාරීන් සේවයේ රඳවා ගැනීම සඳහා සුදුසු දීමනා ක්‍රමවේදයක් හඳුන්වා දීමේ වැදගත්කම ද සාකච්ඡා විය.
තවද, සමෘද්ධි බැංකු විගණනයේ පවතින ප්‍රායෝගික ගැටලු මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය ව්‍යුහාත්මක හා නීතිමය සංශෝධන සිදු කිරීම මෙන්ම, ජාතික කාන්තා කොමිෂන් සභාවේ පූර්ණ කාලීන සාමාජිකයින්ගේ දීමනා සහ පරිපාලන කටයුතු සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු කර ඇත.
















