කොවිඩ් වසංගත සමයේදී විවිධ දේශපාලන රැලි සහ විරෝධතා සංවිධානය කරමින් කටයුතු කළ ආකාරය පෙන්වා දෙමින් හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අවධාරණය කර ඇත්තේ, වත්මන් රටේ දේශපාලන සහ සමාජීය ක්‍රියාකාරකම්වලදී පවතින ප්‍රජාතන්ත්‍රවාදී පසුබිම තුළ රටට සිදුවන හානිය පිළිබඳව සැමවිටම අවධානය යොමු කළ යුතු බවයි.
වත්මන් දේශපාලන ප්‍රවණතා සහ සමාජ මාධ්‍ය ඔස්සේ මවන කතාබහන් පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම රට කිසිදු විටෙක ඒකාධිපති පාලනයක් යටතේ නොපවතින බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදී රටකටම ආවේණික ස්වරූපයෙන් ඉදිරියට යන බවත්ය. කෙසේ වෙතත්, පුද්ගලික හෝ පක්ෂ මට්ටමේ වාසි අපේක්ෂාවෙන් විවිධ ප්‍රවණතා සමාජගත කිරීමට උත්සාහ කළද, ඒ හරහා අවසානයේදී සමස්ත රටට සහ මහජනතාවට සිදුවන බලපෑම කුමක්ද යන්න සම්බන්ධයෙන් වගකීමෙන් යුතුව සිතා බැලිය යුතු බව හෙතෙම පෙන්වා දී තිබේ.
















