අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (04) උදෑසන අත්අඩංගුවට ගත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබේ.
එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්රකාශයක් ලබාගැනීම සඳහා අද අල්ලස් කොමිසම වෙත කැඳවීමෙන් අනතුරුව ඒ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.
















