ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) වත්මන් විස්තීර්ණ අරමුදල් පහසුකම 2027 වසරේදී අවසන් වීමෙන් පසු, එම අරමුදල සමඟම ‘පසුකාලීන ස්ථාවර ගිවිසුමක්’ (SBA) වෙත පිවිසීම ශ්රී ලංකාවේ ආර්ථික අනාගතයට බෙහෙවින් වාසිදායක වනු ඇතැයි ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ශ්රී ලංකා ප්රධාන විධායක නිලධාරී බිඟුමල් තෙවරතන්ත්රි මහතා පවසයි. ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව සංවිධානය කළ “Global & Sri Lanka Economic Outlook for H2-2026” වෙබිනාර් වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මෙම නව ගිවිසුම හරහා මෙරට මූල්ය විනය ශක්තිමත් වන අතර, පිරිවැය පිළිබිඹු කරන බලශක්ති මිල සූත්ර ක්රියාත්මක කිරීම, විදේශ විනිමය හුවමාරුව වඩාත් කාර්යක්ෂම කිරීම සහ මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය. දරිද්රතාවය පිටුදැකීම, සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයන් නගාසිටුවීම සහ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම වැනි අභියෝග ජය ගැනීමට ද මෙමඟින් මාවත සැලසෙන අතර, ජාත්යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගනිමින් ශ්රී ලංකාවට නැවත ජාත්යන්තර ප්රාග්ධන වෙළඳපොළ වෙත පිවිසීමට මෙය මග පාදනු ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















