උතුරු මැද සහ නැගෙනහිර පළාත් ඇතුළුව දිස්ත්‍රික්ක 5ක් සඳහා හෙට (සැප්තැම්බර් 05 සෙනසුරාදා) දිනයේදී අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් පැවැතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (සැප්තැම්බර් 04) පස්වරු 4.00ට නිකුත් කරන ලද මෙම අවවාදාත්මක නිවේදනය උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට අමතරව යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහා බලපානු ඇත. දහවල් කාලයේදී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය (Heat Index) ඇතැම් ස්ථානවලදී ‘අවධානය යොමුකළ යුතු’ (Caution) මට්ටම දක්වා ඉහළ යා හැකි බැවින්, අදාළ ප්‍රදේශවල වෙසෙන ජනතාව උණුසුම් කාලගුණයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් උපදෙස් දෙයි.














