වර්තමාන ඉරාන යුද්ධය අවසන් වීමෙන් අනතුරුව මැදපෙරදිග කලාපයේ නව භූ-දේශපාලනික සහ ආරක්ෂක රාමුව සකස් කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් විශේෂ සැලසුමක් සකස් කරමින් සිටින බව හෙළිවේ.
ඇමෙරිකාවේ පූර්ණ පිටුබලය ඇතිව, ඉරාන තර්ජනයන් පාලනය කිරීම සඳහා ප්රදේශයේ ඇමෙරිකානු මිත්ර පාක්ෂික රටවල් එකම ආරක්ෂක ජාලයකට ගෙන ඒම මෙම සැලසුමේ ප්රධාන අරමුණයි. මීට අමතරව ගාසා තීරයේ අනාගත පාලනය සඳහා වන නව ක්රියාමාර්ග, ලෙබනනය සහ සිරියාව සමඟ ඊශ්රායලය ඇතිකර ගන්නා ආරක්ෂක ගිවිසුම් මෙන්ම ‘ඒබ්රහම් සම්මුතිය’ (Abraham Accords) තවදුරටත් පුළුල් කිරීම ද මෙයට ඇතුළත් වේ. මෙම සමස්ත සැලසුමේ තීරණාත්මක සංධිස්ථානය වන්නේ සවුදි අරාබිය සහ ඊශ්රායලය අතර නිල රාජ්ය තාන්ත්රික සබඳතා ආරම්භ කිරීමයි. ඉරාන යුද්ධයෙන් පසු මැදපෙරදිග කලාපය තුළ මීට පෙර කිසිදා නොවූ විරූ දැවැන්ත වෙනසක් ඇති කිරීමට තමන් කටයුතු කරමින් සිටින බව ජනාධිපති ට්රම්ප් පෞද්ගලිකව ප්රකාශ කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x) ඇසුරින්
















