ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වසා දැමීමත් සමඟ නිර්මාණය වී ඇති ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ, එම නාවික මාර්ගයේ ගමනාගමන නිදහස සුරක්ෂිත කිරීම සඳහා හමුදාමය සහ තාක්ෂණික දායකත්වයක් ලබාදීම කෙරෙහි දකුණු කොරියාවේ අවධානය යොමුව තිබේ.
ඉරානයට එරෙහි යුද්ධයට සහ හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂක මෙහෙයුම්වලට එක්වන ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් එල්ල වන දැඩි රාජ්‍ය තාන්ත්‍රික පීඩනය හමුවේ, සිය සන්නද්ධ බලකායන් හෝ නාවික හමුදා යාත්‍රා එම කලාපයට යෙදවීම පිළිබඳව සෝල් (Seoul) පාලනය සලකා බලමින් සිටියි. දකුණු කොරියාව සිය බොරතෙල් අවශ්‍යතාවයෙන් 61%ක්ම ආනයනය කරන්නේ මෙම මූලෝපායික නාවික මාර්ගය ඔස්සේ වන බැවින්, සමුද්‍ර සන්ධිය වැසී යාමෙන් එරට ආර්ථිකයට දැඩි පහරක් එල්ල වී ඇත. කෙසේ වෙතත්, හමුදා යෙදවීමක් සඳහා ජාතික ආරක්ෂක මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය යුතු අතර, දකුණු කොරියානු ජනතාවගෙන් 55%ක්ම මැදපෙරදිග යුද්ධයකට මැදිහත්වීමට එරෙහිව අදහස් පළකර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera ඇසුරින්
















