ඇමෙරිකා එක්සත් ජනපදයේ ලබන නොවැම්බර් 03 වනදා පැවැත්වෙන තීරණාත්මක මධ්‍යවාර මැතිවරණය (Midterm Elections) අවසන් වන තෙක් වර්තමාන යුධමය තත්ත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම ඉරානයේ ප්‍රධාන උපායමාර්ගය වී ඇති බව ඇමෙරිකානු බුද්ධි අංශ තක්සේරු කර තිබේ.
මාස 6ක අඛණ්ඩ යුධ ගැටුම්වලින් පසුව තමන්ගේ හමුදා ශක්තිය පිළිබඳව ඉරාන පාලනාධිකාරිය දැඩි විශ්වාසයකින් පසුවන අතර, මැදපෙරදිග පුරා පිහිටි ඇමෙරිකානු ඉලක්ක වෙත පහරදීමට එමඟින් ඔවුන්ට හැකියාව ලැබී ඇත. ඒ හේතුවෙන් දැනට ඉදිරිපත් වන කිසිදු රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකට හෝ ගිවිසුමකට එළඹීමට ඉරානයට අවශ්‍යතාවයක් නොමැති බව බුද්ධි අංශ පෙන්වා දෙයි. නොවැම්බර් මැතිවරණය තෙක් යුද්ධය පවත්වාගෙන යාමෙන් ඉහළ යන තෙල් මිල, ඇමෙරිකානු සෙබළ මරණ සහ යුද්ධය කෙරෙහි ඇමෙරිකානු ජනතාව තුළ ඇතිවන විරෝධය හමුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අර්බුදයකට ලක්කිරීම ඉරානයේ අරමුණයි. එමඟින් ඉදිරියේදී පැවැත්වෙන සාකච්ඡාවලදී වඩාත් ප්‍රබල ස්ථානයකට පැමිණීමට ඉරානය බලාපොරොත්තු වන අතර, හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට සහ ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු හමුදා පදනම්වලට එල්ල වන ප්‍රහාර තවදුරටත් උග්‍ර විය හැකි බවට වොෂින්ටනය අනතුරු අඟවයි.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(x) ඇසුරින්















