මහනුවර මයිලපිටිය ප්රදේශයේ පිහිටා ඇති ළමා නිවාසයක නේවාසිකව සිටින 16 හැවිරිදි පිරිමි දරුවකුට වධ හිංසා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි පාලිකාව සහ ඇයගේ සැමියා පෙරේදා (03) අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි.
සැකකරුවන් විසින් එම පිරිමි දරුවාගේ රහස් ප්රදේශයට මිරිස් කුඩු දමා දැඩි ලෙස හිංසා කර ඇතැයි පොලිස් පරීක්ෂණ මගින් හෙළි වී තිබේ. වින්දිත බාලවයස්කාර පිරිමි දරුවා මාරස්සන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර, සැකකරුවන් මහනුවර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 07 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.














