දේශීය ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 20 (5) වැනි වගන්තිය යටතේ මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ඒ අනුව කිසිදු දේශීය නිෂ්පාදකයකු, අසුරන්නකු, බෙදාහරින්නකු හෝ වෙළෙන්දකු විසින් නියමිත උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් දේශීය ටින් මාළු වෙළඳාම් කිරීම, වෙළඳාම සඳහා ඉදිරිපත් කිරීම හෝ ප්රදර්ශනය කිරීම නොකළ යුතු බවට නියම කර ඇත.














