කැබිතිගොල්ලෑව පහළ උස්ගොල්ලෑව ප්රදේශයේ කුඹුරක් සුද්ද කරමින් සිටි ගොවියන් දෙදෙනෙකු වල්අලි ප්රහාරයකට ලක්ව මියගොස් ඇති බව කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි.
මෙම ප්රහාරයෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 51 සහ 67 යන වයස්වල පසුවූ කැබිතිගොල්ලෑව ප්රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකි. උස්ගොල්ලෑව 28 කුඹුරු යායේ එළිපෙහෙළි කටයුතු සිදු කරමින් සිටියදී ඔවුන් මෙම වන අලි ප්රහාරයට ලක්ව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, කැබිතිගොල්ලෑව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
















