මිහින්තලය මහකනදරාව වැව් බැම්මේ තිබී සැකසහිත පාර්සලයක අඩංගු කර තිබූ ගිනි අවි සහ උණ්ඩ තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. වැව් බැම්මේ සැකකටයුතු පාර්සලයක් ඇති බවට මිහින්තලය පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ පරීක්ෂාවකදී, එම පාර්සලය තුළ තිබී ටී-56 (T-56) ගිනි අවියක්, මැගසින් 04ක් සහ පතරොම් 25ක් සොයාගෙන ඇත.
මෙම ගිනි අවිය සහ උණ්ඩ තොගය මෙම ස්ථානයට රැගෙනවිත් දමා ගියේ කවුරුන් විසින්ද යන්න සහ ඒ පසුපස ඇති අරමුණ කුමක්ද යන්න සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය මේ වන විට පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.
















