ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවකු මියගොස් ඇති බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ හබරාදුව, මැලෑගොඩ ප්රදේශයේ පදිංචි 42 හැවිරිදි සැකකරුවෙකි.
හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ ගිය ජූලි 22 වැනි දින සිට මොහු රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටි අයෙකු බව බන්ධනාගාර නිලධාරීන් සඳහන් කරයි. මියගිය රැඳවියාගේ මහේස්ත්රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (05) දින පැවැත්වීමට නියමිතව ඇත.
















