ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ පවතින සෙසු විනිසුරු පුරප්පාඩු 7 සඳහා මෙතෙක් කිසිදු නිර්දේශයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත ලැබී නොමැති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පිළිබඳව විමසූ අවස්ථාවේදී අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේ, මෙම පත්කිරීම් සිදුකිරීම ජනාධිපති කාර්යාලය මඟින් මෙහෙයවනු ලබන කටයුත්තක් බැවින් ඒ පිළිබඳව තොරතුරු එම කාර්යාලයෙන් විමසන ලෙසත්, තමා ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවත්ය.
අභියාචනාධිකරණ විනිසුරුවරියක ලෙස පත්කිරීම සඳහා ජනාධිපතිවරයා නිර්දේශ කළ සජීවනී දිල්කා ලක්මාලි කරුණානායක මෙනවියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසු ඇයව එම ධුරයට පත් කරනු ලැබුවද, මාස හයකට වැඩි කාලයක සිට පවතින ඇතැම් පුරප්පාඩු මෙතෙක් පුරවා නොමැත. අදාළ විනිසුරු පුරප්පාඩු සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදීද දැඩි අවධානයක් යොමු විය.
















