බම්බලපිටිය සහ දෙහිවල අතර වෙරළාසන්න ප්‍රදේශයේ දේශපාලඥයන්ගේ සහ රජයේ ඉහළ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ව්‍යාජ ලේඛන සකස් කර අත්තනෝමතික ලෙස ඉදිකර ඇති සියලුම අනවසර හෝටල් සහ සංචාරක ආපනශාලා ඉවත් කර ගැනීමට නියෝග කර තිබේ.
අතිශය සංවේදී සහ සංචාරක ආකර්ෂණය දිනාගත් මෙම වෙරළ තීරයේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කර ගන්නා ලෙස වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, නියමිත කාල සීමාවට පෙර ඒවා ඉවත් කර ගැනීමට කටයුතු නොකළහොත් නීතිමය ක්‍රියාමාර්ග මගින් එම සියලු අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමට තීරණය කර ඇත.
















