ඉන්දීය සහ එංගලන්ත සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (05) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
පසුගිය ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය අතරතුර ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා විස්සයි විස්ස සහ එක්දින නිත්‍ය නායක කුසල් මෙන්ඩිස්ට මෙම තරගාවලිය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර දැනුම් දී ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ සංචිතය සඳහා උප නායකයා ලෙස නම් කළ චරිත් අසලංකටය.
එමෙන්ම එම සංචිතයට නම්කර සිටි වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට ඇති වූ ආබාධ තත්ත්වය හේතුවෙන් ඔහු සංචිතයෙන් ඉවත් කර ඔහු වෙනුවට වමත් වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මධුශංක සංචිතයට කැඳවාුනු ලැබ ඇත. තරගාවලියේ පළමු තරගය එළඹෙන 15 වැනි දින පැවැත්වීමට නියමිතය.
















