චීන ජාත්‍යන්තර ප්රවෘත්ති සන්නිවේදන මධ්‍යස්ථානය (CIPCC) සහ චීන මහජන රාජ්‍ය තාන්ත්‍රික සංගමය (CPDA) එක්ව සංවිධානය කරන CIPCC මාධ්‍ය වැඩසටහන ඊයේ (4) බීජිං නුවර Renmin විශ්වවිද්‍යාලයේදී ආරම්භ විය. මෙවර වැඩසටහන සඳහා ලොව පුරා රටවල් 90කට අධික සංඛ්‍යාවකින් ජනමාධ්‍යවේදීන් 100කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටින අතර, ආසියා ශාන්තිකර කලාපය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් ජනමාධ්‍යවේදීන් 20කට ආසන්න පිරිසක් සහභාගී වී සිටිති.
මාස 3කට ආසන්න කාලයක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන අතරතුරදී විදේශීය ජනමාධ්‍යවේදීන්ට චීනයේ විවිධ පළාත්වල සංචාරය කිරීමට මෙන්ම වැඩමුළු, විශේෂ සාකච්ඡා සහ චීන සංස්කෘතික වැඩසටහන් රැසකට එක්වීමට අවස්ථාව හිමිවේ. දකුණු ගෝලීය රටවල මාධ්‍ය ආයතන අතර ප්‍රායෝගික සහයෝගිතාව ගොඩනැගීම සහ චීනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වී ඇති අතර, 2014 වසරේ සිට ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා මේ වන විට රටවල් 140කට වැඩි සංඛ්‍යාවකින් මාධ්‍යවේදීන් 1,000කට ආසන්න පිරිසක් සහභාගී වී තිබේ.
















