නේපාලයේ සිදු වූ බිහිසුණු ඛේදවාචකයෙන් දින 10කට පසු, ත්‍රිශූලි ගඟ ආශ්‍රිත ජල විදුලි ව්‍යාපෘතියක උමගක් තුළ සිරවී සිටි චීන ජාතිකයෙකු ආරක්ෂිතව මුදාගැනීමට සහන කණ්ඩායම් සමත් වී තිබේ. ඊයේ (04) දිනයේදී ද එම උමඟෙන්ම නේපාල ජාතිකයින් දෙදෙනෙකු මුදාගැනීමට සමත් වූ බව නේපාල හමුදාව ප්‍රකාශ කළේය.
පසුගිය අගෝස්තු 26 වන දින ගංගාවේ ඉහළ කොටසේ පිහිටි ග්ලැසියරයක් කඩා වැටීම හේතුවෙන්, එම ප්‍රදේශයේ ජල විදුලි ව්‍යාපෘති හයකට අයත් උමං මාර්ග තුළ පුද්ගලයින් 900 දෙනෙකු පමණ සිරවී සිටින්නට ඇති බවට විශ්වාස කෙරේ. මෙම ව්‍යසනයෙන් මේ වන විට පුද්ගලයින් 1,300කට අධික පිරිසක් මියගොස් ඇති අතර, තවත් 5,600කට වැඩි පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.














