ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදී නිරුක්ෂ පෙරේරා මහතා දැඩි ප්‍රකාශයක් සිදු කර තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම දේශපාලන පලිගැනීමක් ලෙස පෙන්වමින් ඊයේ දිනයේදී ඇතැමුන් විශාල මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් රට තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇති කිරීමට උත්සාහ කළ බව ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත්, අල්ලස් කොමිසම විසින් අදාළ සැකකරු උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේදී අනාවරණය වී ඇත්තේ 2014-2015 වර්ෂයේ ‘එයාර්බස්’ ගනුදෙනුවක් සඳහා මිලියන 100 කට ආසන්න අල්ලසක් ලබාගෙන ඇති බවයි. විශේෂයෙන්ම, එම අල්ලස් මුදල ලබාගත් බවට අල්ලස් කොමිසමට කටඋත්තර ලබා දී ඇත්තේ ඔහු සමඟ සමීපව ව්‍යාපාරික කටයුතුවල නිරත වූ සහ එහි අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කළ කුළුපග හිතවතෙකු විසින්ම බවද නිරුක්ෂ පෙරේරා මහතා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














