නීතිවිරෝධී ලෙස අල්ලා ගොඩබිමට ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) යාපනය, කුඩරප්පු වෙරළ ප්‍රදේශයේදී නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.
උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේණි නාවික ස්ථානගත කිරීමේ ආයතනය විසින් ඊයේ (සැප්තැම්බර් 05) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. වෙරළ ආශ්‍රිතව නිරීක්ෂණය වූ සැකකටයුතු යාත්‍රාවක් පරික්ෂා කිරීමේදී එහි තිබී නීතිවිරෝධී ලෙස අල්ලා ප්‍රවාහනය කරමින් තිබූ මුහුදු කූඩැල්ලන් 673 ක තොගයක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 51 ත් 56 ත් අතර වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, යාත්‍රාව සහ ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී ඇත.














