ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කිරීම සඳහා ලබන 12 වැනි දින අනුරාධපුරයේදී පැවැත්වෙන පොහොට්ටු ජනරැළියට තමා සහභාගී වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළේය. වත්මන් රජය විසින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉතා අයුක්තිසහගත සහ නීතිවිරෝධී ආකාරයෙන් මර්දනකාරී ලෙස අත්අඩංගුවට ගෙන ඇති බව හෙතම කියා සිටියේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමේදී කොමිස් මුදලක් ලබා ගත් බවට එල්ල වී ඇති චෝදනාවට කිසිදු සාක්ෂියක් විමර්ශකයන් සතුව නොමැති බව ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බවද උදය ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
















