බන්ධනාගාරගත කර සිටින සමස්ත රැඳවියන්ගෙන් 70%කට වැඩි ප්‍රමාණයකට මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා පවතින බවත්, ඒ අනුව එම චෝදනා මත පමණක් මේ වන විට බන්ධනාගාර තුළ සිටින පිරිස 40,000කට ආසන්න බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කර තිබේ.
කොබෙයිගනේ ජාතික පාසලේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. කොළඹ නගරයේ පාසල්වල මෙන්ම ගම්බද පාසල් තුළටද මත්පෙති ව්‍යාප්ත වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පාසල් තුළට මත්ද්‍රව්‍ය ඇතුළු වීම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දැනටමත් ආරම්භ කර ඇති බවද වැඩිදුරටත් කියා සිටියේය.













