ජනාධිපතිවරයාගේ ප්‍රදේශ සංචාරයක් සහ මහජන රැලියක් වෙනුවෙන් බේරුවල ධීවර වරායට ඇතුළු වන බෝට්ටු වරායෙන් පිටත නතර කර තබන ලෙස දන්වා කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයෙන් ධීවර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් වෙත යොමු කරන ලදැයි කියන ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
ව්‍යුහගත කර ඇති මෙම තොරතුරු සහ ලියුම් යොමු අංක (SSP / PA / OUT / 1543 / 2026) පදනම් කරගනිමින්, ජනාධිපතිතුමාගේ ආරක්ෂාව සහ ප්‍රදේශයේ දේශපාලන රැස්වීම් වෙනුවෙන් සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතයට සහ ධීවර කටයුතුවලට බාධා සිදුවන ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ පාර්ශ්වයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතී. ජාතික ආරක්ෂාව සහ ජනතා සුභසාධනය තහවුරු කර ඇතැයි පවසන රජය, මෙවැනි අත්‍යවශ්‍ය ආර්ථික කටයුතුවලට බලපෑම් වන අයුරින් කටයුතු කරන්නේ කෙසේදැයි මෙහිදී ප්‍රශ්න කරනු ලබයි.
















