වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හඳපානාගල ප්රදේශයේ වැව් ඉස්මත්තේ තිබී මියගිය වනඅලියෙකුගේ සිරුරක් වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන තිබේ. මියගිය වනඅලියා සම්බන්ධයෙන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මෙම සද්ධන්තයාට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15ත් 20ත් අතර වයසක පසුවන හොඳින් වැඩුණු වනඅලියෙකි. සිද්ධියට වගකිවයුතු සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලවාය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන කටයුතු සක්රියව සිදුකරනු ලබයි.
















