ලෝ ප්‍රකට ඇමසන් ආයතනයේ නිර්මාතෘ ජෙෆ් බෙසොස්ගේ හිටපු බිරිඳ වන මැකෙන්සි ස්කොට් ලොව අංක එකේ දානපතිනිය බවට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වයස අවුරුදු 56ක් වන ඇය ලොව ධනවත්ම කාන්තාවන් අතර කැපී පෙනෙන චරිතයකි. 2019 වසරේදී ජෙෆ් බෙසොස්ගෙන් දික්කසාද වීමෙන් පසු ඇමසන් සමාගමේ 4%ක කොටස් හිමිකම් ලබාගත් මැකෙන්සි ස්කොට්, ‘යීල්ඩ් ගිවිං’ (Yield Giving) නමැති පුණ්‍යායතනය ආරම්භ කළාය. ඉගෙනීමට දක්ෂ සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව ලබා දීම ඇතුළු සමාජ සත්කාරක වැඩසටහන් මෙම ආයතනය හරහා ක්‍රියාත්මක වෙයි.
අමෙරිකාවේ ‘ෆෝබ්ස්’ ව්‍යාපාරික සගරාවට අනුව, ඉකුත් 2025 වසරේ පමණක් ඇය ‘යීල්ඩ් ගිවිං’ පුණ්‍යායතනය හරහා සිදු කළ පරිත්‍යාගයන්හි මුළු වටිනාකම අමෙරිකන් ඩොලර් බිලියන 26.4 ඉක්මවා ඇත. කතුවරියක ලෙසද කටයුතු කරන ඇය, වසර 25ක් ජෙෆ් බෙසොස්ගේ බිරිඳ ලෙස ගත කර තිබේ.
















