බිබිල, දොඩම්ගොල්ල, ඊතනවත්ත ප්‍රදේශයේ නිවසක් තුළදී සිදු වූ විදුලි සැර වැදීමේ අනතුරකින් තිදරු මවක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ ඊතනවත්ත, දොඩම්ගොල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි වියැති කාන්තාවකි.
ඇය සිය නිවස තුළ දෛනික ගෘහස්ථ කටයුතුවල නිරත වෙමින් සිටියදී මෙලෙස විදුලි සැර වැදීමට ලක්ව ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. අනතුර සිදුවූ වහාම ඇයව බිබිල රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි. මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















