2026 සැප්තැම්බර් 06 දින උදෑසන පොල්ගහවෙල පොලිස් වසමේ කොළඹ – කුරුණෑගල මාර්ගයේ හොදැල්ල ප්රදේශයේදී, කුරුණෑගල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ මඟියෙකුගේ ගැටී අනතුරක් සිදු වී ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ මඟියා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත. මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 44ක් වූ පොල්ගහවෙල ප්රදේශයේ පදිංචිකරුවෙකි. පොල්ගහවෙල පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.














