2001 සැප්තැම්බර් 11 වනදා ඇමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ගොනුකර ඇති නඩුවකදී, අල්-කයිඩා ත්‍රස්තවාදීන්ට සහාය දැක්වූ බවට සැකකෙරෙන සවුදි ජාතික ඕමාර් අල්-බයූමි නමැත්තාගේ නව වීඩියෝ දර්ශන කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
1999 වසරේදී වොෂින්ටන් ඩී.සී. හි පිහිටි එක්සත් ජනපද කැපිටොල් ගොඩනැගිල්ල, පෙන්ටගනය සහ නාවික හමුදා මූලස්ථානය ඇතුළු සංවේදී ස්ථාන නිරීක්ෂණය කරමින් වීඩියෝ ගත කර ඇති ආකාරය මෙම දර්ශනවල සටහන් වී ඇත. මෙලෙස වීඩියෝ ගත කර ඇත්තේ ප්‍රහාරක යානා පැහැරගත් තජිකිස්තාන සහ සවුදි ජාතික ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ඇමෙරිකාවට පැමිණීමට පෙර වීම විශේෂත්වයකි. මෙමගින් 9/11 ප්‍රහාරය පිටුපස සවුදි රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ සහ හිටපු බුද්ධි නිලධාරීන්ගේ සෘජු සම්බන්ධයක් පැවැති බවට වින්දිතයන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් කරන චෝදනා තවදුරටත් තහවුරු වන බව විචාරකයින් පෙන්වා දෙයි.














