කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩසටහන (EDP) පසුගියදා (03) කෑගල්ල Bherunda Mount Resort හිදී සාර්ථකව ආරම්භ විය.
ප්‍රදේශයේ නව ව්‍යවසායකයින් බිහි කිරීම, ඔවුන්ගේ ව්‍යාපාරික කුසලතා වැඩිදියුණු කිරීම සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ නිවැරදි දැනුමක් ලබා දීම අරමුණු කරගනිමින් මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.














