සාහිත්‍ය මාසය නිමිත්තෙන් ජන සාහිත්‍යයේ සහ ජන කලාවේ වැදගත්කම පිළිබඳ තරුණ පරපුර දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් වන “ජන ගී වරුණ” පසුගියදා (04) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.
අනාගත පරපුර වෙනුවෙන් දේශීය ජන කවි ආරක්ෂා කර ගැනීම සහ එහි සැබෑ වටිනාකම පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමේ අරමුණින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි. මෙහිදී ජන ගී සාහිත්‍යය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ළමුන් දැනුවත් කළ අතර, නිදර්ශන ගායනා මඟින් විවිධ ජන නාද මාලා පිළිබඳ දරුවන්ට ප්‍රායෝගික දැනුමක් ලබා දීමද සිදු විය. තවද, සහභාගී වූවන්ගේ ගායන කුසලතා වඩාත් වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දීමටද කටයුතු යොදා තිබිණි.














