තුන් ඈඳුතු රසෝඝයක පෙළහරින් හෙබි “තුඩු” වාද්‍යාභිමානී සම්මාන හරසර ප්‍රසංගය පසුගියදා (සැප්තැම්බර් 04) බත්තරමුල්ල ‘අපේ ගම’ පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල සංවිධානය කර තිබිණි. ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ මෙහෙයවීමෙන්, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය සංගීත අනුමණ්ඩලය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි. විවිධ ගීත සඳහා වාදනයෙන් දායක වෙමින් ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ උන්නතිය උදෙසා විශිෂ්ට මෙහෙවරක් ඉටු කරන ප්‍රතිභාපූර්ණ වාද්‍යවේදීන් ඇගයීම මෙම ප්‍රසංගයේ මූලික අරමුණ විය.
මෙහිදී ශාස්ත්‍රීය හා සරල සංගීත කලාවන්හි තම අද්විතීය වාද්‍ය කෞශල්‍යයෙන් දැවැන්ත ශිල්පීය දායකත්වයක් ලබා දුන් ක්ෂේත්රයේ ජ්‍යෙෂ්ඨ සහ ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු වන හර්ෂ මාකලන්ද, නිහාල් ජයවර්ධන සහ නිහාල් පෙරේරා යන මහත්වරුන් වෙත විශේෂ සම්මාන පිරිනැමීම සිදු කෙරිණි.













