පවතින දැඩි උණුසුම් කාලගුණය සහ ජල හිඟය හේතුවෙන් වනසතුන් සහ වනජීවී නිලධාරීන් මුහුණ දෙන දැඩි දුෂ්කරතා සලකා බලා යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප (Blocks 1 & 2) එළඹෙන සැප්තැම්බර් 14 වනදා සිට තාවකාලිකව වසා දැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් මංජුල අමරරත්න මහතා පෙන්වා දෙන්නේ, පවතින අධික උණුසුම හමුවේ වනසතුන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බවයි. එමෙන්ම, මෙම තත්ත්වය හමුවේ වනෝද්‍යානය තුළ සංචාරක ජීප් රථ විශාල ප්‍රමාණයක් ධාවනය වීම නිසා සතුන්ට සහ රාජකාරිවල නිරත නිලධාරීන්ට දැඩි බාධා එල්ල වී තිබේ. මෙම තාවකාලික වසා දැමීම ඔක්තෝබර් 15 වනදා දක්වා ක්‍රියාත්මක වන අතර, වනෝද්‍යානයේ 3, 4, 5 සහ 6 යන සසු කලාප සංචාරකයන් සඳහා විවෘතව තැබේ.














