ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට බලපෑම් එල්ල විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික ආපදා පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හදිසි අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම යාපනය, කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට මෙම අනතුරු ඇඟවීම අදාළ වේ. හෙට (සැප්තැම්බර් 08) දිනයේදී මෙම ප්‍රදේශවල පරිසර උෂ්ණත්වය මිනිස් සිරුරට දැනෙන ප්‍රමාණය ‘අවධානය යොමු කළ යුතු’ (Caution) මට්ටම දක්වා ඉහළ යා හැකි බව නිවේදනය කෙරේ. මේ හේතුවෙන් ප්‍රමාණවත් තරම් ජලය පානය කරන ලෙසත්, හිරු එළියට සෘජුව නිරාවරණය වීමෙන් වළකින ලෙසත්, අධික වෙහෙසකර එළිමහන් කටයුතු සීමා කරන ලෙසත් මහජනතාවට උපදෙස් ලබාදී ඇත.













