අද (08) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ. අද දිනයේදී මෝටර් වාහන පනත යටතේ අංක 2489/22 සහ 2493/19 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නියෝග දෙකක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතව ඇත.
අනතුරුව විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර, මේ වන විට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද අද දින පැවැත්වෙන මෙම පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගි වීමට නියමිතව තිබේ.













