කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමි ගමන්ගත් මෝටර් රථය මත්තල ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබේ. ඊයේ (07) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇත්තේ මාර්ගයේ සිටි මී ගවයෙකුගේ ගැටීමෙනි.
අනතුරින් මෝටර් රථයට හානි සිදුව ඇති වුවද, ගමන්ගත් කිසිදු අයෙකුට තුවාල සිදුව නොමැති බව මත්තල පොලීසිය සිදුකළ විමසීමකදී තහවුරු කර ඇත.













