ළමයින් දෙදෙනෙකු පාසලකට ඇතුළත් කරදීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් ලබාගත් බවට පැවසෙන සිද්ධියකට අදාළව ගාල්ල ප්‍රදේශයේ විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර විදුහල්පතිවරයා එක් ළමයෙකුගෙන් රුපියල් ලක්ෂ තුන බැගින් රුපියල් ලක්ෂ හයක මුදලක් ඉල්ලා ඇති අතර, පසුව එම මුදල රුපියල් ලක්ෂ තුනක් දක්වා අඩු කර ඇත.
ඉන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් අල්ලස් ලෙස ලබාගෙන පළමු ශ්‍රේණියට එක් ළමයෙකු ඇතුළත් කිරීමට ද පියවර ගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.













