ශ්‍රී ලංකාවේ වත්මන් නිදහස් වෙළෙඳ ගිවිසුම් හා ඒවායේ ඉදිරි ගමන් මග සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට 2026-08-24 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී තිබේ. අනාගත නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සඳහා වඩාත් ඉලක්කගත හා සාක්ෂිපාදක ප්‍රවේශයක් අනුගමනය කිරීම පිණිස ‘ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුවක්’ සහ ‘වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශන කමිටුවක්’ ස්ථාපිත කිරීමට මෙහිදී තීරණය කර ඇත.
ඒ අනුව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව පිහිටුවනු ලබන අතර, විෂය නිශ්චිත අනුකමිටු 12ක් ද ඊට යටතේ ක්‍රියාත්මක වේ. එසේම, අදාළ අමාත්‍යවරුන්ගේ සම සභාපතිත්වයෙන් යුතුව ව්‍යාපාරික ප්‍රජාව, පර්යේෂකයින් සහ සිවිල් සමාජය නියෝජනය කරමින් වෙළෙඳ ප්‍රතිපත්ති උපදේශක කමිටුවක් පත් කිරීමටද නියමිතය.













