ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්, රටේ උද්ධමනය ඉහළ ගොස් ගමේ ජීවන වියදම අධික ලෙස වැඩි වී ඇති බවත්, ගොවියාගේ ආදායම පහළ වැටී ඇති බවත් ප්‍රකාශ කර තිබේ. රජය විසින් පොහොර සැපයීම ප්‍රමාද කිරීම හේතුවෙන් ගොවීන් වැඩි මිලට පොහොර මිලදී ගැනීමට සිදුව ඇති බවත්, වී සඳහා ලබාදෙනු ඇතැයි පැවති මිල සහතික පවා නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවත් හෙතෙම පෙන්වා දී ඇත.
එමෙන්ම, රෝහල්වල ජීවිතාරක්ෂක ඖෂධ ඇතුළු බෙහෙත් වර්ග නොමැති අවස්ථාවක රෝගීන්ට රෝහල්වලට නොගොස් “කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න” යැයි පවසමින් වත්මන් පාලකයන් කටයුතු කිරීම රටේ ජනාධිපතිවරයාගේ මානසිකත්වය පෙන්වන කාරණයක් බව ඔහු දැඩි ලෙස විවේචනය කර තිබේ. මීට අමතරව, ළමුන්ට එරෙහි සයිබර් අපරාධ (Cybercrimes against children) මැඩපැවැත්වීම සඳහා රජය විසින් නිසි නීති රීති සහ ක්‍රියාමාර්ග අත්‍යවශ්‍යයෙන්ම ක්රත්මක කළ යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.













