ශ්‍රී ලංකික සංචාරකයින්ට වියට්නාම සංචාර සැලසුම් කිරීම සඳහා විශේෂ දීමනාවක් හඳුන්වා දෙමින්, වියට්ජෙට් එයාර් මඟින් කොළඹ සහ හෝ චි මිං නගරය අතර ක්‍රියාත්මක වන නව ගුවන් ගමන් සේවාවේ ‘Eco’ ප්‍රවේශපත්‍ර සියලු බදු හා ගාස්තු ඇතුළුව අමෙරිකානු ඩොලර් 90ක සිට ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ. මීට අමතරව, Deluxe ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගන්නා මගීන්ට මූලික ගාස්තු සඳහා විශේෂ වට්ටමක් ද හිමි වේ.
මෙම විශේෂ දීමනාව සැප්තැම්බර් 7 වන දින පස්වරුවේ සිට සැප්තැම්බර් 10 වන දින දක්වා ශ්‍රී ලංකා වේලාවෙන් වලංගු වන අතර, අදාළ කාල සීමාව තුළ සංචාරය කිරීම සඳහා වියට්ජෙට් නිල වෙබ් අඩවිය හෝ ජංගම යෙදුම හරහා ආසන වෙන්කරවා ගත හැක. කොළඹ සිට හෝ චි මිං නගරය දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කර ඇති වියට්ජෙට් හරහා ශ්‍රී ලංකිකයින්ට ඕස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව සහ සිංගප්පූරුව ඇතුළු තවත් බොහෝ ජාත්‍යන්තර ගමනාන්ත වෙත පහසුවෙන් සම්බන්ධ වීමේ පහසුකම් සැලසී ඇත.














