ඩුබායි සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ නමැති පාතාල කල්ලි සාමාජිකයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළ පරිදි, ඔහු දිවයිනට පැමිණීමත් සමඟම මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇත.














