වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් රාගම, පොඩිවීකුඹුර ප්‍රදේශයේදී ඊයේ (08) සිදු කරන ලද වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ වැටලීමේදී බෝතල් 135ක අඩංගු නීතිවිරෝධී මත්පැන් ලීටර් 101යි මිලිලීටර් 250ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.














